සීනි බදු වංචාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග බෑ…!

August 20, 2023 at 3:04 pm | by emanisa.lk

සීනි බදු වංචාවට වගකිවයුතු සමාගම්වලින් කඩිනමින් ආදායම් බදු අයකර ගන්නා ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.

එම බදු මුදල් අයකර ගැනීමෙන් පසු ඒ පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද මුදල් රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

මේ සිද්ධියට අදාළව දීර්ඝ ලෙස කරුණු සොයා බැලූ බව ද ඒ අනුව පවතින නීතිය යටතේ එම සමාගම් මගින් ආදායම් බදු අයකර ගැනීම හැර වෙනත් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇතැයි ද මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය තව දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *