රජයේ මාධ්‍ය ආයතනයක් වන ලේක්හවුස් ආයතනයේ දිනමිණ සහ සිළුමිණ පුවත්පත්වලට නව කර්තෘවරුන් පත්කර තිබේ.
දිනමිණ පුවත්පතේ කර්තෘ මනෝජ් අබයදීර කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව එම තනතුරින් ඉවත් කර ඇති අතර සිළුමිණ පුවත්පතේ වැඩබලන කර්තෘ ශිරෝමි අබේසිංහ ද ඉවත් කර ඇත.
ඒ අනුව දිනමිණ පුවත්පතේ කර්තෘ ලෙස ලංකාදීප පුවත්පතේ උප කර්තෘ ප්‍රදීප් දසනායක ද සිළුමිණ පුවත්පතේ කර්තෘ ලෙස දිනමිණ පුවත්පතේ සේවය කළ අනුර කේ. එදිරිසුරිය ද පත්කර ඇති බව වාර්තා වේ.