සිරිසේනගේ උකුසු දේශනයට මහින්දගෙන් කන පැළෙන පිළිතුරක්…

March 4, 2020 at 10:27 am | by emanisa.lk

පසුගිය ආණ්ඩු සමයේදී ජනාධිපති සහ අගමැති උකුස්සන් වීමට උත්සාහ කිරීම නිසා පීඩාවට පත්වූයේ ජනතාව බව අගමැති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

යහපාලන ආණ්ඩුවේ ජනාධිපති අගමැතිට පක්‍ෂ නොවූ බවත් අගමැති ජනාධිපති පක්ෂ නොවූ බවත් අගමැතිවරයා කියා සිටියේය.

ඒ හේතුවෙන් රටට සේවයක් වුණේ නැතැයිද හෙතෙම සඳහන් කළේය. ජාතික ආරක්ෂාව සහ සංවර්ධනය පෙරටු කරගත් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට ජනතාව තමන් සමග එකතු වනු ඇතැයි බලාපොරොත්තු වන බවද අගමැතිවරයා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (03) කුරුණෑගලදී පැවති වැඩසටහනක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස