පොළොන්නරු වකුගඩු රෝහල මගේ! කාටවත් බිත්තර දාන්න දෙන්නේ නෑ! ආණ්ඩුවට විරුද්ධව නඩු කියනවා! – සිරිසේන පළමු උකුසු ප්‍රහාරය එල්ල කරයි…

March 4, 2020 at 12:30 am | by emanisa.lk

චීන ජනාධිපතිවරයා තමනට ත්‍යාගයක් ලෙස ලබාදුන් පොළොන්නරුවේ වකුගඩු රෝහල අද වන විට ඇතැමුන් දේශපාලන වාසි සඳහා භාවිත කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ අද වන විට රාජ්‍ය නිලධාරීන්ගෙන් විශාල ලෙස පලිගැනීම් සිදු වන බවද ඔහු සඳහන් කළේය.

වැලිකන්දේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කළේය.

මෙතෙක් පොළොන්නරුවේ පැවති ඉඩම් කච්චේරිය අවලංගු කර ඇති බවත් ගැසට් පත්‍රයකින් නීතිගත කර ඇති ඉඩම් කච්චේරියක් ඒ ආකාරයෙන් අවලංගු කළ නොහැකි බවත් කී ඔහු තමන් ඊට විරුද්ධව ගොවීන් වෙනුවෙන් අධිකරණයට යන බවද සඳහන් කළේය.

පොළොන්නරුවට වකුගඩු රෝහලක් ගෙන ආවෙ තමන් බවත් එය චීන ජනාධිපතිගෙන් තමනට ලැබුණු තෑග්ගක් බවත් එහි බිත්තර දමන්නට වෙන කිසිවෙකුට ඉඩ නොදෙන බව ඔහු තවදුරටත් සඳහන් කළේය.

තමා නිසි වෙලාවට උකුස්සෙක් වගේ පහර දෙන බවට සිදු කනර ලද ආන්දෝලනාත්මක ප‍්‍රකාශයට දැනටමත් දැඩි විරෝධතා එල්ල වන පසුබිමක ඉන් දෙදිනක් යන්න පෙර හිටපු ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රකාශයද කිරීම සුවිශේෂීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *