පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඉදිකිරීම් සඳහා ද රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවය ලබාගත් බවත් මෙතෙක් ඒ සඳහාවත් ගෙවීම් කර නැති බවත් ඊයේ අනාවරණය විය.
ඊයේ (11) ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වත්මන් තත්ත්වය පිළිබඳ ව අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවක දී මේ බව අනාවරණය විය.
පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ අත්තනෝමතික ලෙස රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ලවා සිදුකළ ඉදිකිරීම් ගණනාවක් සඳහා රු. බිලයන ගණනක් මෙතෙක් ලැබී නොමැති බව ද සංස්ථාව වෙත ලැබී නොමැති බව ද එහි දී නිලධාරීහු පෙන්වා දුන්හ.
එසේ ම 2015ට පෙර රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති රැසක් පසුගිය ආණ්ඩුව සමයේ නතර කර ඇති බව ද හෙළිවිය. මේ නිසා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව කබලෙන් ළිප වැටුණු බවත් දැඩි ලෙස පාඩු ලබන ආයතනයක් බවට පත් වූ බවත් හෙළි විය.