සිරිකොතට ගිය යූඇන්පිකාරයන්ට රවී ගුටි ඇන එළවයි…!

November 22, 2024 at 12:26 pm | by emanisa.lk

අද (22) සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණි එම පක්ෂ සාමාජිකයන් පිරිසකට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට සන්දේශයක් භාරදීමට පැමිණි තමන්ට රවී කරුණානායකගේ ලේකම් රන්දික ඇතුළු මැර පිරිසක් පහර දුන් බවට ඔවුහු චෝදනා කරති.

මෙම ප්‍රහාරය තමන්ට නොව පක්ෂ නායක රනිල්ට එල්ල කළ ප්‍රහාරයක් බවත් පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය කොල්ලකෑ රවී කරුණානායකට එරෙහිව වහාම පරීක්ෂණයක් කළ යුතු බවත් ඔවුහු සඳහන් කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *