සියලු රාජපක්ෂවරු වහාම අත්අඩංගුවට ගනු…! – පාඨලී…

July 9, 2022 at 3:35 pm | by emanisa.lk

ජනාධිපති මන්දිරයත් ජනාධිපති ලේකම් කාර්යාලයත් අත්පත් කරගෙන ජනාධිපතිවරයා පළවා හැරි අවිහිංසාවාදී අරගලකරුවන්ට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතු බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

හිටපු ඇමැතිවරයා අවධාරණය කළේ, මේ රට තවත් විනාශ නොකර ජනාධිපතිවරයා වහා ම ඉල්ලා අස්විය යුතු බවයි.

රට විනාශ කළ මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ සියලු දෙනා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්විය යුතු බව ඔහු අවධාරණය කරයි.

එසේ නොවන්නේ නම් පොලිස්පතිවරයා රාජපක්ෂ පවුල ම අත්අඩංගුවට ගතයුතු බවටත් නොඑසේ නම් මුළු රට ම ලේ විලක් වනු ඇති බවටත් පාඨලී චම්පික රණවක අනතුරු අඟවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *