සියලු ම මන්ත්‍රීලාට වාහනයක් දෙනවා… වාහන නොදෙන බවක් කවදාවත් අපි කීවේ නෑ… අවුරුදු 5ට පස්සේ වාහනේ ගෙදර අරන් යන්නත් පුළුවන්…! – ඇමති විජිත හේරත්…

January 21, 2025 at 12:49 pm | by emanisa.lk

සියලු ම මන්ත්‍රීලාට වාහනයක් දෙනවා… වාහන නොදෙන බවක් කවදාවත් අපි කීවේ නෑ… අවුරුදු 5ට පස්සේ වාහනේ ගෙදර අරන් යන්නත් පුළුවන්…! – ඇමති විජිත හේරත්…

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් සඳහා වාහනයක් ලබාදීමට රජය කටයුතු කරන බව විදේශ ඇමති විජිත හේරත් සඳහන් කරයි.

“මන්ත්‍රීවරුන්ගේ එක නතර කළා. ඒ නතර කළේ තාවකාලිකව. අපි එහෙම නෙමෙයි. ප්‍රතිපත්තියක් විදියටම දෙන්නේ නෑ. ඒක වෙනස්. පාර්ලිමේන්තු සියලු මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ විතරක් නෙමෙයි.

විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට තමන්ගේ රාජකාරි කිරීම සඳහා වාහනයක් රජයෙන් ලබාදෙනවා. ඒක පාවිච්චි කරන ක්‍රමවේදය අපි වෙනස් කරනවා. හැමෝටම එක සමාන විදියට දෙන්න වෙනවා. අපි මැතිවරණ කාලේ කිව්වේ ජනතාවට අපි පර්මිට් කියන එක අහෝසි කරනවා.

කිසිදු මන්ත්‍රීවරයෙකුට පර්මිට් එක දීලා ඩියුටි ෆී වාහන ගෙනල්ලා විකුණන්න දෙන්නේ නෑ. රාජකාරීමය අවශ්‍යතාව සඳහා මන්ත්‍රීට ඇමතිට වාහනයක් තියෙන්න ඕනේ කියලා පිළිගන්නවා. කැමති නම් බස් එකේ එන්නත් පුළුවන්.

මන්ත්‍රීවරුන්ට වාහන පාවිච්චි කිරීමේ විකල්ප ක්‍රමවේද දෙකක් තියෙනවා. පළවෙනි එක වාහනේ පාවිච්චි කරලා අවුරුදු පහ ඉවර වුණාම රජයට භාර දීලා ගෙදර යන එක. දෙක, වාහනේ පාවිච්චි කරලා අවුරුදු පහ ඉවර වෙන කොට ක්ෂය වීමේ පදනම මත එහි වටිනාකම රජයට ගෙවලා වාහනේ තමන්ට හිමිකර ගන්න එක.”

ඊයේ (20) දෙරණ 360 වැඩසටහනට එකතු වෙමින් අමාත්‍ය විජිත හේරත් මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *