සියලු පාතාල කල්ලි මාස හයෙන් නිහඬ කරනවා..! – දේශබන්දු…

October 30, 2023 at 7:11 am | by emanisa.lk

කොළඹ නගරයට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ඇති බවට බන්ධනාගාර රැඳවියෙකු විසින් ලබාදී ඇති පණිවිඩයේ කිසිදු සත්‍යතාවක් නැතැයි නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කරයි.

මෙරට ක්‍රියාත්මක පාතාල කණ්ඩායම් ඉදිරි මාස හයක කාලය තුළ සම්පූර්ණයෙන්ම නතර කිරීමේ සැලසුමක් සකස් කර ඇති බව ද හෙතෙම එහිදී කියා සිටියේය.

“අනුරාධපුරේ බන්ධනාගාරගත වෙලා ඉන්න පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙක් උසාවියට අරගෙන එනකොට බස් රථයෙන් එළියට විසි කරලා තිබුණා කුඩා කොළ කැබැල්ලක්.

එකේ තිබුණා යළිත් වරක් කොළඹට ප්‍රහාරයක් එල්ල කරන්න අපි සූදානමින් ඉන්නවා කියලා. එය ඔහුට අවධානය ගැනීමට කළ දෙයක්. එහි කිසිදු සත්‍යතාවයක් නැතැයි අනාවරණ වුණා.”

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති උත්සව සභාවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *