සියලු උපාධිධාරීන්ට රජයේ රැකියා දෙන්න හැකියාවක් නෑ…! – සජිත්…

July 9, 2024 at 7:14 pm | by emanisa.lk

සියලු උපාධිධාරීන්ට රජයේ රැකියා ලබා දිය යුතුය යන ස්ථාවරයේ තමන් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔවුන් පෞද්ගලික අංශය, බහු ජාතික සමාගම්, විදෙස් රැකියා සඳහා ද යොමු කළ යුතු බවත් සිය රජයක් යටතේ රැකියා විරහිත උපාධිධාරීන්ට ලබා දෙන විසඳුම එය බවත් හෙතෙම අවධාරණය කරයි.

සමගි ආණ්ඩුවක් යටතේ අලුත් ව්‍යවසායකයන් දස දක්ෂයක් ගොඩනැඟීමේ සැලසුමක් ඇති බව ද සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේය.

සිය රජයක් යටතේ රැකියා විරහිත උපාධාධාරීන්ට ලබා දෙන විසඳුම කුමක් දැයි අමාත්‍ය කාංචන විජේසේකර සිදු කළ විමසුමකට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා අද (09) පාර්ලිමේන්තුවේ දී මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *