සිපෙට්කෝ යටතේ නව ඉන්ධන පිරවුම්හල් 100ක් ආරම්භ කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය පසුගිය සතියේ අනුමැතිය දී තිබේ.
මේ යටතේ නව ඉන්ධන හල් 300ක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.
ඛනිජ තෙල් සංස්ථාව සතුව පැවැති ඉන්ධන හල් 450ක් විදේශීය පෞද්ගලික සමාගම්වලට ලබා දී නැවත රටේ මුදලින් ඉන්ධන හල් ඉදිකිරීම වෘත්තීය සමිතිවල දෝෂ දර්ශනයට ලක්ව තිබේ.