ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ව්‍යාපාරික ක්ෂේත්රයේ ආයෝජනය කිරීමට සමාගම් 24ක් සිය ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කර තිබේ.
ඒ සමාගම් එක්සත් අරාබි එමීරය, එක්සත් ජනපදය, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, බ්‍රිතාන්‍යය, මැලේසියාව, නෝර්වේ සහ පිලිපීනය යන රටවල් නියෝජනය කරයි.
මෙම ව්‍යාපෘති යෝජනා ඇගයීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය කමිටුවක් පත් කළ බවත් සති 06ක් ඇතුළත අවසාන ව්‍යාපෘති යෝජනා සකසන බවත් අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.