සිදුහත් යසෝදරා කතාවෙහි යසෝදරාව සිදුකළ කැපකිරීම් සිදුහත් කුමරු කළ කැපකිරීම්වලට වඩා වටිනා බව ජාතික ජන බලවේගයේ හරිනි අමරසූරිය පවසයි.
පුණ්‍යකාන්ති විජේනායක රචිත කෙටි කතාවකින් යසෝදරා චරිතය හඳුනා ගැනීමට තමන්ට අවස්ථාව ලැබුණු බවයි, ඇය ප්‍රකාශ කළේ.
සිදුහත් කුමරු අභිනිෂ්ක්‍රමණය කිරීමෙන් අනතුරුව යසෝදරාවට මුහුණ දීමට සිදුවූ කටුක අත්දැකීම් පිළිබඳ එම කෙටි කතාව ඉතා ම ලස්සන වර්ණනාවක් කරන බවද හරිනි අමරසූරිය සඳහන් කරයි.
පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.