සැඩ පහරට හසු වූ ට්‍රැක්ටරය පෙරළෙයි… සිසුන් 6ක් ඇතුළු 8ක් අතුරුදන්…!

November 27, 2024 at 10:08 am | by emanisa.lk

නින්දවූර් මද්‍රසා පාසලේ සිට නිවෙස් බලා ට්‍රැක්ටර් රථයෙන් ගමන් කරමින් සිටියදී සැඩ පහරට හසුවූ පිරිසෙන් සිසුන් 5 දෙනෙකුගේ දිවි බේරාගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලිසිය විසින් නිකුත් කළ නිවේදනයක් අනුුව මෙම ට්‍රැක්ටරයේ සිසුන් 11ක් රියදුරු සහ තවත් පුද්ගලයෙකු ගමන් කොට තිබේ. ඒ අතරින් සිසුන් 6 දෙනෙක් රියදුරු සහ අනෙක් පුද්ගලයා මෙතෙක් අතුරුදන්ව ඇත.

කාරතිව් බස් නැවතුම අසල පාලම ආසන්නයේ දී ගං වතුරට හසු වූ ට්‍රැක්ටරය පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මෙම සිසු පිරිස වයස අවුරුදු 12-16ත් අතර පසුවන සමන්තුරේ පදිංචිකරුවන් බව එම නිවේදනයෙහි වැඩි දුරටත් දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *