රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන්ගේ නිවසෙහි ජල බිල්පත් හිඟය රුපියල් ලක්ෂ 06කට අධික බව ජාතික ජලසම්පාදන මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය කොරෝනා වසංගත රෝග සමයේ සිට මේ වසරේ පෙබරවාරි මස දක්වා රුපියල් මිලියන 341ට අධික හිඟ ජල බිල්පත් නොගෙවීම හේතුවෙන් දැඩි ගැටලු රැසක් උද්ගතව ඇති බවත් වාර්තා වේ.
එම ජල බිල්පත් හිඟ මුදල් කඩිනමින් ගෙවන ලෙස අදාළ අංශ හා පුද්ගලයන් වෙත කිහිප වරක්ම දැනුම්වත් කළද මේ දක්වා ම එම ගෙවීම් නිසි ආකාරව සිදු නොවන බවද ජලසම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ ආකාරයෙන් මෙම මුදල් ගෙවීම් පැහැර හැරිය ද පසුගිය කොරෝනා සමයේ සිට මේ දක්වා සාමාන්‍ය ජනතාවගේ ජල බිල්පත් හිඟ මුදල් 85% ක් පමණ ගෙවා ඇති බව ද එම මණ්ඩලය කියයි.