ජනතාවාදී ආණ්ඩුවක් පිහිටු වූ පසු ජනතාව කිසිදා එම ආණ්ඩුව එපා යැයි නොකියන බව ජාතික ජන බලවේගයේ ලක්ෂ්මන් නිපුණාරච්චි පවසයි.
“අපේ රටේ කොහොම අමිහිරි අත්දැකීම් ද තියෙන්නේ. ළමයා ඉස්කෝලේ ගියාම දවසක් ගුරුවරු ස්ට්‍රයික්, ඊළඟ දවසේ විදුහල්පති ස්ට්‍රයික්, ඊළඟ දවසේ අනධ්‍යන කාර්ය මණ්ඩලේ ස්ට්‍රයික්.
ඉස්පිරිතාලේට බෙහෙත් ගන්න ගියාම දවසක් දොස්තර, දවසක් ඇටෙන්ඩන්, දවසක් නර්ස් ස්ට්‍රයික්. දවසක් පාරට බැස්සම ලංගම බස් ස්ට්‍රයික, ඊළඟ දවසේ ප්‍රයිවට් බස් ස්ට්‍රයික්. අද මං කිව්වා කියලා හිතේ තියා ගන්න ඒ ස්ට්‍රයික් ඉතිහාසේ ඉවරයි.
කාට විරුද්ධව ද ස්ට්‍රයික් කරන්නේ. ආණ්ඩුව එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරලා බේර ගන්න තියෙන්නේ. අද උපදින දරුවන්ට අනාගතේ කියල දෙන්න වෙනවා ස්ට්‍රයික් එකක් කියන්නේ මෙහෙම දෙයක් කියලා. ඒ කිසිත් නැති හොඳ රටක් මේ නිර්මාණය කරන්නේ.”
ජාතික ජන බලවේග කොළඹ ජනහමුවක් අමතමින් ලක්ෂ්මන් නිපුණාආරච්චි මේ බව කීය.