උග්ර වෙමින් ඇති සහල් අර්බුදයට විසඳුම් ලෙස කඩිනමින් නාඩු සහල් මෙට්රික් ටොන් 65 000ක් ආනයනය කිරීමට රජය තීන්දු කර තිබේ.
මෙම තීන්දුව ගෙන ඇත්තේ සහල් ආනයනකරුවන් සහ සතොස නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවක දී ය.
ඒ අනුව දෙසැම්බර් මාසය අවසාන වීමට පෙර මෙම සහල් තොගය ආනයනය කිරීමට රජය සැලසුම් කර තිබේ.