වෙළෙඳපොළේ සහල් අර්බුදයට පැවති ආණ්ඩු වගකිව යුතු බවට මහා පරිමාණ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් බව හිටපු කෘෂිකර්ම අධ්යක්ෂ කේ.බී. ගුණරත්න මහතා පවසයි.
ඔහු ඊයේ (03) ප්‍රකාශ කළේ ඩඩ්ලි සිරිසේන ඇතුළු මහා පරිමාණ මෝල්හිමියන් පස් දෙනෙක් වරින්වර මෙම සහල් අර්බුදය ඇති කරන බවය.
මෙම ව්‍යාපාරික පිරිස ගොවියාගෙන් අඩු මිලට තෙත වී ලබා ගෙන ගබඩා කර සහල් මිල කෘත්‍රීම ලෙස ඉහළ නංවන බවත් හිටපු කෘෂිකර්ම ලේකම්වරයා අනාවරණය කරයි.
මේ පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ඩඩ්ලි සිරිසේනට අභියෝග කරන අතර සියලු කරුණු එහි දී හෙළි කරන බවත් කේ.බී. ගුණරත්න සඳහන් කරයි.