මේ වන විට විදේශිකයන් පිරිසකගෙන් අල්ලස් ගැනීමට CIDයේ පිරිසක් නීතයේ රැහැණට කොටුවී ඇත. නමුත් CIDයේ සිදුවූ අපරාධ වැලිකඩ ස්ථානාධිපතිගේ අල්ලස මෙන් එළියට ආවේ නැත.
කෙසේ වුවද පොලිස්පතිගේ මැදිහත්වීමෙන් CIDයේ සිදුවූ අපරාධ සම්බන්ධව විමර්ශනයක් ක්රියාත්මකය. විදේශිකයන්ගෙන් මිලියන 45 අල්ලස් ගැනීම නිසා CID සයිබර් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයෙකු ඉවත් කොට ඇත. (ප්රධාන පොලිස් පරීක්ෂක මෙන්ඩිස්) CID යේ තවත් පිරිසක් නිදන් ගැනීමට ගොස් කොටුවේ ඇත.
මේ CID අපරාධ වාර්තාවලින් කිහිපයක් පමණි. මේ වන විට සුරේෂ් සලේ සිටින්නේ CIDය භාරයේය. සුරේෂ් සලේට එරෙහිව දෙවන රැඳවුම් නියෝගය නිකුත් කිරීම ආණ්ඩුවට අවාසිදායක වී ඇත. සැබැවින්ම සලේට එරෙහි විමර්ශන මාස දෙකකින් අවසන් කොට චෝදනා ගොනු කළ හැකිව තිබුණි. නමුත් CIDය අසාර්ථක විය.
මෙම තත්ත්වය තුළ ජනාධිපතිවරයා CID අධ්යක්ෂ සම්බන්ධයෙන් අසතුටෙන් සිටින බව වාර්තා වෙයි. ජනාධිපතිවරයා CID කටයුතු සම්බන්ධයෙන් පසුගිය සතියේ ශානිට දොස් මුරයක් ද තබා ඇත. මේ වන විට ශානි විසඳුම් දෙන්නකු නොව ප්රශ්න තනන්නෙකු බවට පත්වී ඇත.
එහෙයින් ශානි බොහෝ දෙනකුට එපා වී ඇති අතර ඔහු වෙනුවෙන් සිටින්නේ, ශානි ජනාධිපතිවරයා වෙත කැඳවාගෙන ආ කතෝලික සභාව, ලෝයර් රියැන්සි සහ එල්ටීටීඊ දේශපාලන අංශය පමණි.
ශානි පසුගියදා හිඟ වැටුප්ද සහිතව DIG තනතුරට උසස් විය. එය ජනාධිපතිවරයාගේ අනුමැතියකින් සිදු වූවක් නොව පරිපාලන විනිශ්චය සභාවක අනුමැතියෙන් සිදුවූවකි.
Keerthi Ratnayake
FB