සර්වාපක්ෂික ආණ්ඩුවේ තනතුරු ගන්නේ නෑ…! ඩලස් විමල් එක්ක නව පෙරමුණක් හදනවා..! – වාසු….

July 26, 2022 at 12:14 pm | by emanisa.lk

ඩලස් අලහප්පෙරුම සහ විමල් වීරවංශ පෙරටු කරගෙන විපක්ෂයේ නව පෙරමුණක් ළඟදීම පිහිටුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි.

ආණ්ඩුවේ ඇතැම් තනතුරු සඳහා විපක්ෂයේ ඇතැමුන්ට ආරාධනා කර ඇතත් තම පක්ෂවලට එසේ ආරාධනා ලැබී නැති බවද ඔහු කීවේය.

මේ ආණ්ඩුව සමග ගමනක් නැතැයි ද තනතුරු ලැබුණත් ආණ්ඩුවේ තනතුරු බාර නොගන්නා බව ද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමට සහභාගී වන්නැයි කාන්තාවක් දුරකතන ඇමතුමක් ලබාදුන් බව පැවසූ වාසුදේව නානායක්කාර, තමා විපක්ෂයේ සිටින හෙයින් ඒ රැස්වීමට සහභාගී නොවන බව ද කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *