ජනාධිපතිවරයා විසින් සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වෙන ලෙස මන්ත්‍රීවරුන් වෙත ලිපි යොමු කිරීමෙන් සිදුකරන්නේ දේශපාලන ව්‍යාපෘතියක් බවත් කළ යුත්තේ පක්ෂ නායකයින් සමඟ සාකච්ජා කර එකඟතාවන්ට පැමිණීම බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි.
ඒ, ඊයේ (31) කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එය ජනාධිපතිවරයාගේ දේශපාලන බලය රැක ගැනීමට යොදාගත් උපක්‍රමයක් බවයි, ඔහු කියා සිටියේ.
අවශ්‍ය වන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොව සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් බව ද හෙතෙම සඳහන් කළේය.
ආණ්ඩුවේ තනතුරු නොගෙන පාර්ලිමේන්තුවේදී වැඩපිළිවෙළකට සහය දෙන බවට දන්වා තිබියදී තව දුරටත් සර්ව පාක්ෂික ආණ්ඩු ලේබලය අලවමින් සිදුකරන්නේ දේශපාලන ආරක්ෂාවක් සලසා ගැනීමට බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.