සර්වජන ජනාධිපති අපේක්ෂකත්වයට තුන් කොන් සටනක්…!

July 30, 2024 at 3:11 pm | by emanisa.lk

සර්වජන බල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා නම් තුනක් යෝජනා වී තිබෙන බව එම සන්ධානයේ විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉදිරියේදී පැවැත්වෙන විධායක සභා රැස්වීමේදී එම නම් තුන අතරින් සුදුසුම අපේක්ෂකයා තෝරා ගන්නා බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ඔහු අනාවරණය කළේ, අනතතුරුව අගෝස්තු 4 වන දින සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නියෝජිත සමුළුවේදී ඒ කවුරුන්දැයි රටට හෙළි කරන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *