සර්වජන ආණ්ඩුව යටතේ ක්ෂුද්‍ර මූල්‍ය ණය පොළී කපා හරිනවා…! – දිලිත්…

September 18, 2024 at 6:47 pm | by emanisa.lk

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මඟින් කාන්තාවන් ලබාගෙන ඇති ණය මුදල්වල පොලිය සම්පූර්ණයෙන්ම කපා හැරීමට පියවර ගන්නා බව සර්වජන අපේක්ෂක, ජනාධිපති ධුර ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

“මේ වැඩපිළිවලේ කේන්ද්‍රීය සංකල්පය වන ව්‍යවසායකත්ව රාජ්‍ය කියන සංකල්පයම මූලික හරය ශ්‍රී ලංකාවේ කාන්තාව ව්‍යවසායකත්වයෙන් බලගැන්වීම ඒ සඳහා ඔබට අවශ්‍ය ප්‍රාග්ධනය රජය ලබාදෙන ආකාරය, ඔබට අවශ්‍ය ඒ හයිය ලබාදෙන ආකාරය එපමණක් නොව, ඔබ යම් හෙයකින් ව්‍යවසායකත්වයක් පටන් ගෙන එය වැටෙන්නට ගියොත් ඒක අල්ලගන්නට ආණ්ඩුව උදව් කරන ක්‍රමය අපි සඳහන් කරලා තියෙනවා.

අපිට ඕන වුණේ මේ ලංකාවේ කාන්තාව, මේ සුවිශේෂ කාන්තාවට මෙන්න මේ අවස්ථාව දෙන්නට. ඊට අමතරව ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා අද අමාරුවේ වැටිලා ඉන්න ශ්‍රී ලාංකික කාන්තාව ගොඩගැනීම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය මත පැටවුණ ඒ අසාධාරණ ණය පොලිය සම්පූර්ණයෙන්ම කපාදමා ඔබ එයින් නිදහස් කරන්නට අපි යෝජනා කරලා තියෙනවා. ඒ යෝජිත වැඩපිළිවෙළ කොහොමද කරන්නේ කියලත් තියෙනවා.”

මහනුවර ප්‍රදේශයේ පැවති කාන්තා සමුළුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *