සරසවි ඇදුරන් 120ගෙන් රුපියල් කෝටි 24ක් පොල්ලක්…!

April 1, 2023 at 5:41 pm | by emanisa.lk

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් 120ක් එම විශ්වවිද්‍යාලයට පසුගිය වසරේ දෙසැම්බර් 31 වන විට රුපියල් කෝටි 24ක පමණ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

අධ්‍යයන කටයුතු සඳහා විදේශ ගතවීමේදී එළැඹි ගිවිසුම් කඩකිරීම හේතුවෙන් ඔවුන්ගෙන් මෙම මුදල අයවිය යුතු බව ද එම වාර්තාවේ දැක්වේ.

අධ්‍යන කටයුතු සඳහා විදේශ ගතවීමේදී එළැඹි ගිවිසුම් කඩ කිරීමේ තත්ත්වය ඉදිරියේ දී වැළැක්වෙන ආකාරයෙන් කටයුතු කළ යුතු බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) එම විශ්වවිද්‍යාල බලධාරීන්ට පසුගියදා නිර්දේශ කළේය.

කෙසේ වුව ද එම තත්ත්වය මේ දක්වා ම නිවැරදි වී නැතැයිද විගණන වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *