මෙරට දේශපාලනයට සරත් වීරසේකර ඉටු කළ කාර්යභාරය කිලෝ එකක් නම් තමා කිලෝ සියයක් පමණ වන්නේ යැයි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසයි.
විමලවීර දිසානායකට රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලැබෙද්දි සරත් වීරසේකරට කැබිනට් ඇමැති ධුරයක් ලැබීම පිළිබඳ මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු ලෙස ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.
සරත් වීරසේකර අම්පාරෙන් පන්නා දැමූ කතාව අමූලික බොරුවක් බව පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා ඔහුට කවුරුත් අම්පාරෙන් යන්නට කිව්වේ නැති බව ද සඳහන් කරයි.
2015 පරාජයෙන් පසු යළි දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීම සඳහා එකතු වන ලෙස ඔහුට ආරාධනා කළ ද සරත් වීරසේකර ඊට ප්‍රතිචාර නොදැක්වූ බව ද සඳහන් කරයි.
සරත් වීරසේකර කොළඹින් තරඟ කිරීමට ගෙන්වා ගත්තේ ජනාධිපතිවරයා බව කී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඔහු කොළඹට පැමිණියේ කැමැත්තකින් නොවන බවත් ඔහුට අවශ්‍යව තිබුණේ තමා අම්පාරෙන් පරාජය කර ජයග්‍රහණය කිරීමට බව ද පෙන්වා දුන්නේ ය.
අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එකතු වෙමින් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මේ බව ප්‍රකාශ කර තිබේ.