සයිනොපෙක් ආ ගමන් ඉන්ධන කෝටා ක්‍රමය අවසන්…!

June 5, 2023 at 12:33 pm | by emanisa.lk

චීන සයිනොපෙක් සමාගම මෙරට ඉන්ධන සැපයුම් කටයුතු ආරම්භ කළ වහා ම වර්තමාන ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සඳහන් කළේ, මේ වන විට රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බවයි.

මෙරට ඉන්ධන වෙළඳ පොළට පිවිසීමට චීනයේ සයිනොපෙක් සමාගම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ ගිවිසුම් ගතවීම මැයි මස 22 වනදා සිදු කෙරුණි.

ඒ, අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මෙහෙයුම් සිදුකරන ඉන්ධනහල් 150ක මෙහෙයුම් කටයුතු සහ නව ඉන්ධනහල් 50ක් මෙරට තුළ ඉදිකිරීමට සයිනොපෙක් සමාගමට අවසර හිමි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *