සමෘද්ධි නිලධාරීන් ප්‍රතිලාභීන්ගේ නමට ණය අරන්…!

July 3, 2023 at 10:24 am | by emanisa.lk

ඇතැම් සමෘද්ධි නිලධාරීන් ප්‍රතිලාභීන්ගේ නමට ණය අරගෙන ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග පවසයි.

අස්වැසුම සුබසාධක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ගම්පහ දිස්ත්‍රික් කමිටුවේ දී අදහස් දක්වමින් ඇමැතිවරයා එසේ කීවේය.

අස්වැසුම ගැටලු විසඳීම සඳහා ග්‍රාමීය කමිටුවලට පැවරීමට ඇමැතිවරයා කළ යෝජනාවට මෙහිදී දිස්ත්‍රික් කමිටුවේ අනුමැතිය හිමිවී ඇත.

අස්වැසුම සුබ සාධක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක විරෝධතා සහ අභියාචනා ප්‍රමාණය පිළිබඳව විමසා බැලිය යුතු බවත් ඇමැතිවරයා කීය.

සමහරු සංවිධානාත්මකව බොරු කියමින් ජනතාව අවුස්සා පාරට බැස්සවීමට උත්සාහ කරන බවත් මේ ගැන බුද්ධි අංශ යොදවා සොයා බැලිය යුතු බවත් ඇමැතිවරයා කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *