සමාජ මාධ්‍ය මර්දනය කිරීම සඳහා විවිධ අණ පනත් ගෙන ඒමට රජය දරන උත්සාහයට තමන් විරුද්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
ඉදිරියේ දී පොලිස්පතිවරයෙකු පත්වනු ඇති බවත් දැනට පොලිස්පතිවරයෙකු රටේ සිටින බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.
ඉදිරියේ දී ඕනෑ ම දේශපාලන සන්ධානයක් සඳහා තමන් සූදානම් බව ද හෙතෙම වැඩි දුරටත් කීය. මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීය.