සමාජවාදී නායකයන්ගේ දරුවන්ට කැප පෞද්ගලික අධ්‍යාපනය රටේ අනෙක් දරුවන්ට අකැප ඇයි…! – සජිත්…

April 16, 2024 at 9:55 am | by emanisa.lk

තමන් පාසල්වලට ස්මාර්ට් පන්ති කාමර ලබා දීමට එරෙහි පිරිසක් සමාජවාදය, සමාජ සාධාරණත්වය ගැන උජාවෙන් කතා කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විපක්ෂ නායකවරයා පවසන්නේ එම සමාජවාදී නායකයින්ගේ දරුවන් පෞද්ගලික පාසල්, පෞද්ගලික විශ්වවිද්‍යාල හා විදේශ විශ්වවිද්‍යාවල අධ්‍යාපනය ලබන බවයි.

කෙසේ වුව ද ඒ අයගේ දුවා දරුවන්ට විදේශ හා පෞද්ගලික අධ්‍යාපනය හොඳ වුවත් රටේ අනෙකුත් දරුවන්ට එම පහසුකම් ලබා දීමට ඔවුන් විරුද්ධ බවත් ඔහු පෙන්වා දෙයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ යටතේ පුත්තලම නාත්තන්ඩිය මහවැව තෝඩුවාව සාන්ත අන්තෝනි මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

රටේ නායකයන් ඩිජිටල් ලංකාවක් හදනවා කියා කයිවාරු ගැහුවත් ඒ සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් නොමැති බවත් තොරතුරු තාක්ෂණ විෂය පවා තවමත් උගන්වන්නේ මව් භාෂාවෙන් 6-13 බවත් හෙතෙම කීය.

තොරතුරු තාක්ෂණය 1-13 වසරවල ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම සිදු කළ යුතු බව ප්‍රකාශ කළ විපක්ෂ නායකවරයා, මේවා කියන විට විජාතික කතා කියමින් ජනතාව, දෙමාපියන්, දරුවන් පාරට බැස්සවීමට උත්සාහ කළ හැකි බවත් මේ ගැන දෙමාපියන් බුද්ධිමත්ව සිතිය යුතු බවත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *