සම්බන්ධන්ලා නැවත ජාතිවාදය වපුරා රට අවුලන්න හදනවා…! – ගෙවිඳු..

May 15, 2023 at 11:11 am | by emanisa.lk

සම්බන්ධන් හා සුමන්තිරන් එක්ව නැවත ජාතිවාදය වපුරා රට අවුලකට පත් කිරීමට උත්සාහ කරන බව යුතුකම සභාපති, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග ප්‍රකාශ කරයි.

තිරිකුණාමලයේ පැවැති සියම් නිකායේ සැමරුම සඳහා මුලින්ම විරුද්ධ වූයේ තිරිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් බවට ද හෙතෙම චෝදනා කරයි.

මේ ඓතිහාසික සැමරුම් නැවැත්වීමට ක්‍රියාකිරීම ඔවුනගේ ජාතිවාදී අරමුණු හොඳින්ම පැහැදිලි වන බව ද ගෙවිඳු කුමාරතුංග පෙන්වා දෙයි.

දෙමළ සන්ධානය නැවත වටයකින් ජාතිවාදය ඇවිලීම නිසා මේ රටේ ජාතීන් අතර ඇති සහජීවනය ද විනාශ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අවධාරණය කර සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස