ජවිපෙ හැර සෙසු සියලු දෙනා ආර්ථික අර්බුදයට වගකිව යුතු යැයි කීමට සිය පක්ෂයේ පිරිසක් කැමති බව කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
කෙසේ වුව ද තමන් ඊට කැමැති නැතැයි හෙතෙම අවධාරණය කරයි.
ලාල්කාන්ත සඳහන් කරන්නේ ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ ද වගකිව යුතු බවයි.
සියලු දෙනා එක්ව මෙය වෙනස් කරගත යුත්තේ එහෙයින් බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
ජාතික ජන බලවේග කුණ්ඩසාලේ ආසන බල මණ්ඩලය අමතමින් හෙතෙම මේ බව කීය.