සමහරු ආණ්ඩුව කරන්න පුළුවන් තමන්ට විතරයි කියලා ජනතාව බය කරනවා…!

August 15, 2024 at 6:13 pm | by emanisa.lk

තව සති කිහිපයකින් ආණ්ඩුව බලය ගත් පසු සාර්ව ආර්ථිකය ස්ථාවරව පවත්වා ගෙන යාමට අවශ්‍ය කටයුතු කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

පසුගියදා මුදල් අවශ්‍යතාවකට ආණ්ඩුව භාණ්ඩගාර බැඳුම්කර වෙන්දේසියක් සිදුකර තිබුණ අතර එහිදී 8%-9% මට්ටමෙන් එහාට ගොස් 135%ක් වැනි ඉහළ අගයක් දක්වා පොළී අනුපත් වැඩි වී තිබූ බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එමඟින් අලුත් ආණ්ඩුවක් පැමිණියහොත් කලබලයක් ඇති විය හැකි බවත් මුදල් එකතු කරගැනීම දුෂ්කර විය හැකි බවත් ආණ්ඩුව කරගෙන යාමට හැක්කේ තමන්ට පමණක් බවත් අඟවා ජනතාව බියගැන්වීමට ඇතැමුන් උත්සහ කරමින් සිටින බවට ද ඔහු චෝදනා කළේය.

හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (14) කඩුවෙල ආසනයේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *