සමරිසි පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විරෝධය දැක්වීමට සහ ඒ පිළිබඳ දේශපාලන අධිකාරිය දැනුම්වත් කිරීමට සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය යටතේ ස්ථාපිත ජාතික උපදේශක සභාව තීරණය කර ඇත.
ගරුතර මහා සංඝරත්නය සහ බෞද්ධ සංවිධාන නියෝජිතයන් එක්ව මේ තීරණය ගෙන ඇත. මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ දී පැවැති අතර එම රැස්වීමට මහනුවර සිට මාර්ගගතව සම්බන්ධ වෙමින් ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නාහිමියන් පැවසුවේ වහාම සමූහයක් ලෙස එකතු වී මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට විරෝධය පළ කළ යුතු බවයි.
ඒ සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ප්‍රමුඛ බෞද්ධ සංවිධාන සහ මහනාහිමිවරුන් ප්‍රමුඛ ගරුතර මහ සංඝරත්නය එක්විය යුතු බවද උන් වහන්සේ කීහ.