සමනල වැවෙන් විදුලිය තව සතියයි…! දකුණ පැය තුනක් අඳුරේ…?

August 8, 2023 at 11:37 am | by emanisa.lk

සමනල වැව ජලාශයේ විදුලි උත්පාදනය අගෝස්තු 16 වන විට සම්පූර්ණයෙන්ම ඇනහිටින බව විදුලි බල හා ශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ගොවිතැන සඳහා වතුර නිදහස් නොකළොත් විදුලි උත්පාදනය සඳහා කිසිම ගැටළුවක් ඇති වන්නේ නැතැයි ද අමාත්‍යවරයා කීය.

ගොවිතැන සදහා උඩවලව ජලාශයට සමනල වැවෙන් ජලය ලබා ලබාදීමට කැබිනට් මණ්ඩලයේ දී එකඟතාවකට පැමිණි බව කී අමාත්‍යවරයා එලෙස කළ විට අගෝස්තු 16 වන හදිසි විදුලි මිල දී ගැනීමක් කරන්නට සිදුවන බව ද අමාත්‍යවරයා කීය.

විකල්ප විදුලි මිල දී ගැනීමක් නැති නම් මාතර, ගාල්ල, රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් පැය තුනක විදුලි කප්පාදුවක් කරන්නට සිදු වෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *