සංචරණ සීමා අවසන් වූ පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සමාන නව පක්ෂයක් ගොඩ නගන බව සමගි ජන බලවේගයේ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (29) කොළඹ දී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ උපන්දිනය වෙනුවෙන් ළමා නිවාසයකට දානය ලබා දීමේ වැඩසටහනින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
නව පක්ෂය පිහිටුවීම ගැන මේ වන විටත් සාකච්ජා පැවැත්වෙමින් තිබෙන අතර එම සාකච්ජා සාර්ථක බව ද මන්ත්‍රීවරයා පවසයි.
තමන් සමඟි ජන බලවේගයෙන් ඡන්දයට ඉදිරිපත් වූයේ හවුල්කාර පක්ෂයක් ලෙස වන අතර තමා ශ්‍රී ලංකාකාරයෙකු බවත් හෙතෙම කියා සිටියේය.
බණ්ඩාරනායක ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන එම නව පක්ෂයේ නායකත්වය තමන් විසින් ගන්නා බව ද ඔහු සඳහන් කළේය.
පොහොට්ටුව මෙන් ඉතා ම ජනප්‍රිය පක්ෂයක් ගොඩනඟා පංච මහා බලවේගය පදනම් කරගෙන රටේ බලය අල්ලන බවත් හෙතෙම අවධාරණය කළේ ය.