ආණ්ඩුව මේ වන විටත් ජනවරම පාවාදී ඇතැයි ද, මේ ව්‍යසනකාරී ගමන ආපසු හැරවිය හැක්කේ සමගි ජන බලවේගයට පමණක් යැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
69 ලක්ෂයේ ජනවරමක් ද අනතුරුව 58 ලක්ෂයේ ජන වරමක් ද ලබා ගෙන ඉන් පසු පාර්ලිමේන්තුවේ 20 වැනි සංශෝධනය ද සිදු කරමින් බලවත් වූ ආණ්ඩුව ගොවි ජනතාව අනාථ කළ බවත් හෙතෙම ප්‍රකාශ කරයි.
සීත කාමරවල වෙසෙමින් පාලකයින් ගන්නා තීන්දු මගින් මෙතෙක් පක්ෂ භේදයකින් තොරව සියලු ආණ්ඩු ගොවි ජනතාවට ලබාදුන් පහසුකම් අද අහිමි කොට ඇතැයි විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ ය.
ඉදිරියේ දී සියලු ගොවි ජනතාව කොළඹට කැඳවා දැවැන්ත උද්ඝෝෂණයක් කරන බවත් සමගි බලවේග ආණ්ඩුව යටතේ ගොවි ජනතාව සුඛිත මුදිත කරන බවත් සජිත් ප්‍රේමදාස අවධාරණය කළේය.
විපක්ෂ නායකවරයා මේ බව පවසා සිටියේ පෙරේදා (29) හිරියාල ඉබ්බාගමුව නගරයේ පැවති ගොවි උද්ඝෝෂණයට සහභාගි වෙමිනි.