1 සිට 5 ශ්‍රේණිය දක්වා දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සඳහා දිවා ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන මේ මාසයේ ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි.
ඊයේ (01) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය මේ බව සඳහන් කළේ ය.
අධ්‍යාපන අමාත්‍යංශය, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, ජනාධිපති ලේකම් කාර්යාලය හා ලෝක ආහාර වැඩසටහන ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත ය.
පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් සහල්වලට යකඩ සහ ෆෝලික් අම්ලය මිශ්‍ර කර සකස් කරනු ලබන ‘සබලකෘත සහල්’ සැකසීම (Fortified Rice) මේ වන විට ආහාර ප්‍රවර්ධන මණ්ඩලය ආරම්භ කර ඇත.
මෙම වැඩසටහන යටතේ පාසල් දරුවන් ලක්ෂ 5කට ඉදිරි මාස 8ක කාලයක් සඳහා මෙම සබලකෘත සහල් සහිත දිවා ආහාර වේලක් ලබා දීමට නියමිත ය.