සන්නද්ධ කැරලිවලින් බලය අල්ලන ක්‍රියාමාර්ගවල අපි නෑ…! – අනුර…

June 28, 2023 at 6:22 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණ මේ මේ වන විට ආණ්ඩු බලය දිනා ගැනීම සඳහා තෝරාගෙන ඇති මාර්ගය මැතිවරණය බව ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක සඳහන් කරයි.

එනිසා එම උපාය මාර්ගයට එකඟ කණ්ඩායම සමග ඉදිරි ක්‍රියාමාර්ග තේරීමේ හැකියාවක් තිබෙන බව ද හෙතෙම පෙන්වා දෙයි.

ගාලු මුවදොර අරගලය හරහා බලය ප්‍රතිස්ථාපනය කිරීමේ හැකියාවක් තිබූ බවට පළවන මතයන් ප්‍රතික්ෂේප කරන බවද පැවසූ ඔහු ජනාධිපති මන්දිරය හා අරලියගහ මන්දිරය අල්ලාගෙන සිටියාට බලය ප්‍රතිස්ථාපනය කිරීමක් නොවන බවත් කියා සිටියේය.

සන්නද්ධ ව්‍යාපාරයක් හරහා බලය ප්‍රතිස්ථාපනය ක්‍රියා කිරීමේ ක්‍රියා මාර්ගයක තම පක්ෂය නොමැති බව ද තම පක්ෂයේ අදහස වන්නේ බලය ප්‍රතිස්ථාපනය කළ යුත්තේ ජනතාවගේ ජනවරමක් හරහා බව යැයි ද ඔහු තව දුරටත් පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේග විසින් ඕස්ට්‍රේලියාවේ දී පවත්වන ලද සංවාදශීලී ජනහමුවකදී විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *