සනත් නිශාන්තගේ අසුන විපක්ෂයට..!

January 25, 2024 at 10:51 am | by emanisa.lk

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත රිය අනතුරින් ජීවිතක්ෂයට පත්වීමත් සමග පුත්තලම දිස්ත්‍රික්කයේ පුරප්පාඩු මන්ත්‍රී ධූරය සඳහා ජගත් ප්‍රියංකර පත්වීමට නියමිතය.

ඔහු පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වැදුණේ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමිනි.

මේ වන විට ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන බැවින් ජගත් ප්‍රියංකර ද විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතව තිබේ. ඒ අනුව ආණ්ඩු පක්ෂයට අසුනක් අහිමිවී විපක්ෂයට අසුනක් එක් වීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *