සද්ධාතිස්ස රජු වගේ බැසිල් තමයි රටේ ඊළඟ නායකයා…! විමල්ට වෙන්නේ අහිකුණ්ඨකයා නැතිව පොළේ නැටුව නයාට වුණ දේ…!

March 13, 2022 at 4:58 pm | by emanisa.lk

විමල් වීරවංශට ඇත්තේ, 2005-2015 කාලයේ මේ රටේ ආර්ථිකය ඩොලර් බිලියන 22 සිට ඩොලර් බිලියන 80ට ඔසවා තැබූ බැසිල් රාජපක්ෂ මේ රට නැවත නඟා සිටු වනු ඇතැයි යන භීතිකාව බව කථිකාචාර්ය මහින්ද පතිරණ පවසයි.

ගැමුණු රජුට සද්ධාතිස්ස මෙන් මහින්ද සහ ගෝඨාභයට යුද්ධ කිරීම සඳහා ආර්ථික ශක්තිය ලබා දුන්නේ බැසිල් බවත් ඔහු නොවන්නට කිසිදා යුද්ධය ජයගත නොහැකි බවත් ඔහු අවධාරණය කරයි. එහෙයින් බැසිල් රාජපක්ෂ ඇමරිකන් හිතවාදියෙකු ලෙස තර්ක කිරීමට පදනමක් නැතැයි ද මහින්ද පතිරණ සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැඟීමට එරෙහි වූ විමල් වීරවංශලා, මේ රට බිඳ වැටෙන්නට ඉඩ දී එහි කම්පනය මතින් සිය දේශපාලන සිහින වෙත යාමට සූදානම් වන බවට ද හෙතෙම චෝදනා කරයි.

ඇමරිකානු විරෝධියකු වන ගෝඨාභය රාජපක්ෂට ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට ඇමරිකාව ඉඩ නොදෙනු ඇතැයි උපකල්නය කළ විමල් පාර්ශ්වය, 2019 ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කිරීමේ අපේක්ෂාවෙන් පසු වූ බව ද මහින්ද පතිරණ හෙළි කරයි.

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අද වන විට මහාරාජාගේ සිරස මාධ්‍ය ජාලයේ දේශපාලන උවමනා එපාකම් වෙනුවෙන් කටයුතු කරන බව ද ඔහු පෙන්වා දෙයි.

අනාගතයේ දී විමල් වීරවංශට සිදුවන්නේ අහිකුණ්ඨකයා නැතිව පොළේ නටන්න ගිය නයාට වුණ දේ බවට ද ඔහු අනතුරු අඟවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *