ශ්‍රී ලාංකේය දේශපාලනයේ ප්‍රබුද්ධ සලකුණ තැබීමට සිය පක්ෂය කටයුතු කරන බව සර්වජන බලය නායක දිලිත් ජයවීර පවසයි.
මිරිහාන ශ්‍රී චන්ද්‍රරාම විහාරස්ථානයේ දී අද (14) සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.
“සතුටු දැයක් කරා අපි මේ ජාතිය මෙහෙයවන ක්‍රියාන්විතයේ තවත් පියවරක් අද සටහන් වෙනවා. මම හිතනවා අපි දිස්ත්‍රික්ක 22 පුරාම සටහන් කළ මේ ප්‍රකාශනය ජාතියේ ඇගයීමට ලක්වේවි කියලා අද දවසේ.
කොහොම වුණත් අපි හෙමින් හෙමින් යන ගමනක්. කොහොම වුණත් වඩා වැදගත් වෙන්නේ සාධනීය ලෙස සහ ජනතාවට පිළිගත හැකි වැඩපිළිවෙළක් එක්ක ඉදිරියට යන එක.
ඉතිං අපි මෙවර මැතිවරණය ක්‍රියාවලිය පුරාවම උත්සාහ කළේ, තාර්කික වැඩපිළිවෙලක් ඉදිරිපත් කරමින් ජනතා ප්‍රසාදය දිනා ගන්නට. අපි දිගින් දිගටම ප්‍රකාශ කළ පරිදි අපිට අවශ්‍ය වෙන්නේ විපක්ෂය නියෝජනය කරමින් ශ්‍රී ලාංකික දේශපාලනයේ ඒ ප්‍රබුද්ධ සලකුණ තබන්නට.”