යූ.එන්.පී., ශ්‍රී ලංකා, තරහ – මරහ ඉවත් කර ගමේ මෙහෙයුම් කමිටු තව තවත් පුළුල් කර සෑම නිවසකට ම, සෑම ඥාතියා ම හමුවී මාලිමාව දිනවීමට කටයුතු කරන්නැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
“අපිට දිනන්න පුළුවන් ඡන්දයක් මේක. ජයග්‍රහණය කළ යුතු ම ඡන්දය තමයි 2024 සැප්තැම්බර් මාසේ 21 දින පැවැත්වෙන්නේ. අපි අපේ වැඩ කොටස කරන්නම්, මහන්සි වෙන්නම්, කතා කරන්නම්, සැලසුම් හදන්නම් හැබැයි ජයග්‍රහණයේ ප්‍රධාන ම වැඩ කොටස තිබෙන්නේ ඔබලා අතේ. ඡන්ද තියෙන්නේ ගමේ. ගමේ ඡන්ද පෙට්ටියේ වැඩි ම ඡන්ද ප්‍රමාණය මාලිමාවට කතිරෙ ගහලා පිරවීමට අවශ්‍ය සැලසුම හදන්න ඕනෑ. ගමේ මෙහෙයුම් කමිටු තව ලොකු කරන්න. හැම ගෙදරකට ම යන්න. හැම ඥාතියා ම හමුවෙන්න.
යූ.එන්.පී., ශ්‍රී ලංකා, තරහ – මරහ ඉවත් කරන්න. ඒගොල්ලෝ බලය වෙනුවෙන්, ඇමතිකම් වෙනුවෙන්, වරප්‍රසාද වෙනුවෙන්, ඕන තරම් එහෙට මෙහෙට පනිනවා. සජිත් එක්ක සන්ධානෙ හදන්න යන මැති ඇමැතිවරු ගොඩක් අපිත් එක්ක එකතු වෙන්න කතා කළා. අපි කිව්වා ඕගොල්ලන්ගේ පැටිකිරිය එතරම් හොඳ නැහැ. ඔයගොල්ලෝ එළියේ ඉඳගෙන අපට සහයෝගය දෙන්න කියලා. මේ රට විනාශ කරන්න භාජන වුණු, වැරැදි තීන්දුවලට අත උස්සපු, පාර්ලිමේන්තුවේ ඉන්න කිසිවෙක් ජාතික ජන බලවේගයේ වේදිකාවත් එක්ක සම්බන්ධ වෙන්නේ නැති බව සහතික කරනවා. අපට ඕනෙ වෙන දේශපාලනයක්. හොරු එපානෙ. ගන්නේ නැහැ මතක තබා ගන්න.
සජිත් ප්‍රේමදාසට ආර්ථිකයේ ප්‍රධාන කෙනෙක් නාලක ගොඩහේවා. අපට නම් කොටස් වෙළෙඳපොළේ සල්ලි නැති කරපු, ගිනිගත්ත නැවෙන් ලංකාවට ලැබිය යුතු වන්දිය අහිමි කළ කෙනා නාලක ගොඩහේවා. අපි අලුත් ගමනක් පටන් ගනිමු. මේ රට නව දිසාවකට ගෙනියමු. පවුල් කිහිපයක් අත තිබුණු රටේ දේශපාලනය නව පරම්පරාවක් අතට, අලුත් බලවේගයක් අතට මාරු කරමු. හැම ඥාතියත් එක්ක ම කතා කරන්න. අපේ පක්ෂයේ හිටපු පරණ කෙනා, අමාරු ම කාලෙ අල්ලගෙන හිටපු කෙනා, යූ.එන්.පී, ශ්‍රී ලංකා, පක්ෂ, පාට අමතක කර හැමකෙනා ම එකතු කර ගනිමු. මේ වෙලාවේදී ඔක්කොම එක සමානයි. ඒ හැම කෙනා ම එකට හිට ගැනීම පිළිබඳව ගෞරවය දෙන්න ඕනෑ. නායකත්වය දෙන්න ඕනෑ.”