සජිත් සිය දූතයෙක් රනිල් හමුවට යවයි….! ගැටුම් නිමයි…! එකට ගමනක් යන්න සූදානම්….!

February 9, 2021 at 7:22 am | by emanisa.lk

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සහ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප‍්‍රනාන්දු අතර හමුවක් පසුගිය දා සිදුව තිබේ.

එහි දී රටේ පොදු කාරණාවල දී එක්සත් ජාතික පක්‍ෂය සහ සමගි ජල බලවේගය එක්ව කටයුතු කිරීමට එකඟතාවක් ඇති කර ගෙන ඇත.

ඉදිරියේ දී රට තුළ ඇති වන ප‍්‍රධාන ගැටලුවල දී දෙපාර්ශ්වය සහයෝගයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා වී ඇති අතර එම සාකච්ඡා තව දුරටත් ඉදිරියට කරගෙන යෑම සඳහා එහි නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සමඟ සාකච්ඡා කරන ලෙස රනිල් වික‍්‍රමසිංහ හරින් ප‍්‍රනාන්දුට දන්වා තිබේ.

මෙම හමුව රනිල් වික‍්‍රමසිංහගේ නිවසේ දී සිදු වූ බවත් එම සාකච්ඡාව පිළිබඳව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස කලින් දැනුම්වත් කළ බවත් හරින් ප‍්‍රනාන්දු මාධ්‍ය වෙත පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *