විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (01) කොළඹ පිහිටි මියන්මාර සහ තායිලන්ත තානාපති කාර්යාලවලට ගොස් භූමිකම්පාව නිසා ඇති වූ ඛේදවාචකය සම්බන්ධයෙන් සිය කනගාටුව සහ ශෝකය පළ කළේය.
පසුගිය දා මියන්මාරයට සහ තායිලන්තයට බලපෑ දරුණු භූමිකම්පා තත්ත්වය නිසා එරට විශාල දේපළ සහ ජීවිතයක් සිදුවිය.
එහි දී මෙරට මියන්මාර සහ තායිලන්ත තානාපතිවරුන් ප්‍රමුඛ දූත පිරිස් හමුවී සිය ශෝකය පළ කළ විපක්ෂ නායකවරයා රටක් ලෙස මියන්මාරය සහ තායිලන්තය වෙනුවෙන් ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දෙන බව ද අවධාරණය කළේය.