සජිත් නායකතුමා රෝහල් කම්කරුවෙක් තරම් සරලයි..! ඇඟ පුරා දුවන ඒ සරලකම කිසිවෙකුට උදුරා ගන්න බෑ…! – විජිතමුණි සොයිසා…

October 18, 2022 at 7:00 pm | by emanisa.lk

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණ සටනට පැමිණියේ සුදු අත්කොට කමිසයක් සහ සුදු කලිසමක් ඇඳ බව හිටපු අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා පවසයි.

ඇතැමුන් සිය නායකයාට රෝහල් කම්කරුවෙකු වන්නට අඩු ට්‍රොලිය විතරක් යැයි අපහාස කළ බව ද ඔහු සඳහන් කරයි.

විජිතමුණි සොයිසා අවධාරණය කරන්නේ සජිත් ප්‍රේමදාසගේ මුළු ඇඟ පුරා ම ඇති සරලකම කිසිවෙකුට උදුරාගත නොහැකි බවයි.

සමහර පක්ෂ නායකයින්ගේ කලිසම, කමිසය, බෙල්ට් එක, සපත්තු දෙක පමණක් නොව යට ඇඳුම ද යාළුවන්ගේ යැයි පවසන්නේ යැයි ද හෙතෙම ප්‍රකාශ කරයි.

සුඛෝපභෝගී ජීවිත ගතකරන එම නායකයින් සිය පක්ෂ කාර්යාලයට උළු ගඩොල් පවා නිකන් ලැබුණේ යැයි කියමින් ජනතාව රවටන බවට ද හිටපු ඇමැතිවරයා චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *