සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපති ධුරයට පත් කරන සටන හෙට ආරම්භ කරන බව ගාලු දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසයි.
මැතිවරණ ප්‍රතිඵල සහ මනාප ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙවර ගාල්ල දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයට ආසන 02ක් ලැබුණු අතර ඒ ගයන්ත කරුණාතිලක සහ මනුෂ නානායක්කාර වෙතය.