හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක නායකත්වය දරන එක්සත් ජනරජ පෙරමුණ සමගි ජන සන්ධානයෙන් ඉවත්ව තිබේ.
සමගි ජන සන්ධානය වෙත ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දී තිබේ.
දෙපාර්ශ්වය අතර ඇති කරගත් එකඟතාව අනුව සමගි ජන සන්ධානය මහා මැතිවරණය අවස්ථාවේ කටයුතු නොකළ බවට චෝදනා කරමින් එක්සත් ජනරජ පෙරමුණ මෙම තීන්දුවට එළඹ තිබේ.
පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේ පාඨලී චම්පික රණවක සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරවීම උදෙසා විශාල දායකත්වයක් ලබා දුන්නේය.