සජිත් කියන්නේ ටොම් පච…! ජනපති ඉවත් වන කතාවක් මං කීවේ නෑ..! – කතානායක…

April 20, 2022 at 4:56 pm | by emanisa.lk

පක්ෂ නායකයන් කිව්වොත් ජනපති ඉවත්වීමට සූදානම් යැයි තමා කීවෙි නැති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.

තමා එවැනි කතාවක් කීවේ යැයි සජිත් ප්‍රේමදාස කළ ප්‍රකාශයක් මාධ්‍යයේ යන බව කී කතානායකවරයා එය අසත්‍යක් බව ද සඳහන් කළේය.

“113ක් ආවොත් ආණ්ඩුව දෙන්න සූදානම් බවයි ජනාධිපතිතුමා පැවසුවේ.ජනාධිපතිවරයාට ඉල්ලා අස්වෙන්න කියන්න පාර්ලිමේන්තුවේ 225ටම බලයක් නැති බව ඔබතුමා තේරුම් ගන්න”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:-

මා ඉදිරිපිට දිනේෂ් ගුණවර්ධන මහතා හිටියා. ඔබතුමා එවැනි කතාවක් කිව්වා.ඔබතුමා වැරදි විග්‍රහයක් කරනවා.මෙතන පැමිණ මා පැවසූයේ ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර ඔබතුමා කියූ දෙයයි. ඒ වගේ කතා දැන් කියන්නෙපා.ඔබ තුමා කතානායක නොවෙයි. පචයෙක්.

කතානායක:-

ටොන් පච කියන්නේ ඔබයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *