අගමැතිවරයා ඉල්ලා අස් නොවන්නේ නම් කැබිනට් මණ්ඩලය නිල වශයෙන් නොවිසිරෙන බව නීතිවේදීන් පෙන්වා දී තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 49 වන වගන්තිය අනුව කැබිනට් මණ්ඩලය අහෝසි වන්නේ අගමැතිරයාගේ ඉල්ලා අස්වීමත් සමග බව ඔවුහු අවධාරණය කරති.
අගමැතිවරයා ඉල්ලා අස් නොවන්නේ නම් කැබිනට් මණ්ඩලයේ ඉල්ලා අස් වීම වලංගු නොවන බවයි, එම නීතිවේදීන් පෙන්වා දී ඇත්තේ.
මේ අතර ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් පවසා ඇත්තේ කැබිනට් ඇමැතිවරු ඉල්ලා අස්වීමේ ක්‍රමවේදයේ ගැටලු පවතින බවයි.
ඇමැතිවරුන් සිය ඉල්ලා අස්වීම භාරදිය යුත්තේ ජනාධිපතිවරයාට වුව ද මෙහි දී ඔවුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දී ඇත්තේ අගමැතිවරයාට බව ද හෙතෙම පෙන්වා දෙයි.