සජිත් එක්ක තවත් නම් බෑ..! රනිල් නැවත ජනපති කරනවා..! සජබ සංවිධායක එජාපයට…

May 2, 2023 at 11:02 am | by emanisa.lk

සමඟි ජන බලවේගයේ කොත්මලේ ආසන සංවිධායක අශෝක හේරත් එක්සත් ජාතික පක්ෂයට එක් විය.

“රට වැටුණු අවස්ථාවේදී සජබ නායක සජිත් ප්‍රේමදාස රට භාර නොගෙන මඟ හැරියා. එනිසා එවැනි නායකයකු සමඟ තව දුරටත් කටයුතු කළ නොහැකියි. එම අභියෝගය භාර ගෙන රට නිවැරදි මාර්ගයේ ගෙන යන රනිල් වික්‍රමසිංහට සහාය දීමට තීරණය කළා.

සජබයේ තවත් කණ්ඩායමක් එජාපයට එක් වීමට සිටිනවා. රනිල් වික්‍රමසිංහ යළිත් ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට ඔවුන් සහාය දීමට සුදානමින් සිටිනවා.

වර්තමාන ජනාධිපතිවරයා ස්ථිරසාර රාමුවක් හදා 2048 වෙද්දී දියුණු රටක් නිර්මාණය කිරීමට දරන වෑයමට සහාය දෙනවා.”

සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී (30) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා අදහස් දැක්වීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස